කායික නිළ තෙරපි චිකිත්සා - Acupressure Treatments
සුවහස්ත කායික නිළ තෙරපි චිකිත්සා
ඔබේ ශාරීරික හා මනෝ කායික වේදනාවන්හි සුව සහනයන් සඳහා අපි විවිධාකාර ප්‍රතිකාර සේවා ලබා දෙන්නෙමු. කාලානුරූපව ඔබට සිරුරේ මාංශ පේශි හෝ විශේෂිත ගැටළු සහිත ස්ථානයන් පවතින්නට පුලුවනි. එසේ වුවත් අපගේ සුදුසුකම්ලාභී චිකිත්සකයින් විසින් ඔබේ මානසික හා කායික ව්‍යුහයන් පිළිබඳ තේරුම්ගෙන ඒ අවබෝධය තුලින් සහ කායික, මානසික සම්බාහන ක්‍රම පිළිබඳ ඇති අත්දැකීම් තුලින් ඔබේ පුද්ගලික අවශ්‍යතාවන් වටහාගෙන ඊට අදාලව අවශ්‍ය සම්බාහන ප්‍රතිකාර ක්‍රමවත්ව ක්‍රියාත්මක කරයි.
අපගේ නිළ තෙරපි චිකිත්සාවන් මගින් සමස්ථ සෞඛ්‍ය පද්ධතියටම බොහෝ ප්රතිලාභ ලබා දෙන අතර මාංශ පේශි වේදනාවන්, බෙල්ලේ අමාරු, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, සන්ධි වේදනා අවම කිරීම සහ නිසි ලෙස ශරීර සැකැස්මවල් පුනරුත්ථාපනය කිරීම ආදීය සම්පූර්ණ කරයි.
කාංසාව සහ මානසික අවපීඩනය, ආහාර ජීර්ණ ආබාධ, නිදන්ගත හිසරදය, මාංශපේශී වේදනාව, මෘදු පටක දුර්වලතා සහ ආතරයිටිස් වේදනාව ඇතුළු විවිධාකාර රෝගී තත්වයන්ට සහනය සඳහා අපගේ සුවහස්ත නිළ තෙරපි චිකිත්සා ක්‍රම උපකාරී වේ. මෙම නිළ තෙරපි චිකිත්සාවේ දිගුකාලීන ප්රතිලාභ මඟින් ඔබේ සමස්ත යහපැවැත්ම ශාරීරිකව හා මානසිකව වැඩි දියුණු කළ හැකි අතර එය වේදනා රහිත, ප්‍රීතිමත් සුවබර ජීවිතයකට උපකාරී වේ.
අෂියට්සු බෙයාෆුට් චිකිත්සාව - Ashiatsu Barefoot Treatment
සම්බාහන ක්‍රම රාශියක් ඇති අතර සම්බාහන ක්‍රියාවලිය සැපයීම සඳහා බොහෝ දෙනා දෑත් පමණක් උපයෝගී කරගනී. නමුත් සම්භාහන ප්‍රතිකාර සඳහා පාද භාවිතා කරන තවත් තාක්ෂණයක් තිබේ. මෙම තාක්ෂණය අෂියට්සු චිකිත්සාව (බෙයාෆුට් මසාජ්) ලෙස හැඳින්වේ.
අෂියට්සු බෙයාෆුට් චිකිත්සාව යනු කුමක්ද?
අෂියට්සු යනු පාවහන් නොමැතිව සම්බාහනය කිරීම සඳහා වූ සාමාන්‍ය නමකි. අෂියට්සු යන්න උච්චාරණය කරන්නේ “අහ්-ෂියාට්සු” යනුවෙනි. “අෂි” යනු පාදය වන අතර “-ට්සු” යනු පීඩනයයි. අෂියට්සු යනු පාවහන් නොමැතිව පාද වලින් සම්බාහනය කිරීමේ ක්‍රමයක් වන අතර මෙහිදී චිකිත්සකයා සම්බාහනය සිදු කිරීම සඳහා ඔවුන්ගේ අත් වෙනුවට පාද භාවිතා කරයි.
මෙහිදී සම්බාහහනය ලබන පුද්ගලයෙකු සම්බාහන මේසයක් මත හෝ ඇඳක වැතිර සිටී. චිකිත්සකයා සේවාදායකයාට ඉහළින් සමතුලිතව සිටීමට ලණු, බාර්, පුටු හෝ බංකු වැනි දේ භාවිතා කරයි. එහිදී සම්බාහන චිකිත්සකයා ඔහුගේ පාද භාවිතා කරමින් සේවාදායකයාගේ ශරීරය පුරා අවශ්‍ය පීඩනය ලබා දෙනු ඇත. මෙහිදී චිකිත්සකයාට ගුරුත්වාකර්ෂණය සහ පීඩනය ශරීර සම්භාහනය ලබා දීමට ඉඩ පහසුව සලසයි. මාංශ පේශිවල ආතතිය තවදුරටත් මුදා හැරීම සහ වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබා දීම සඳහා බොහෝ විට තෙල්, කීම් හෝ දියර අෂියත්සු සම්බාහන ක්‍රමයට පෙර ශරීරයට යොදනු ලැබේ.
අෂියට්සු බෙයාෆුට් සම්බාහනය අලුත් දෙයක්ද?
මෙම පාවහන් නොමැතිව සම්බාහනය කිරීම යනු අලුත් දෙයක් නොවේ. ඉන්දියාව, ජපානය, පිලිපීනය සහ එක්සත් ජනපදය (පෙරදිග බාර් චිකිත්සාව) ඇතුළු බොහෝ රටවල් හා සංස්කෘතීන්හි මෙය වසර දහස් ගණනක් මුලුල්ලේ සොයාගෙන පැවතී එන්නකි. මෙම තාක්ෂණය මුලින්ම සාමාන්‍යයෙන් සේවාදායකයා සමඟ පැදුරක්, මෙට්ටයක් මත සිදු කරන ලද අතර දැන් බටහිරකරණය වූ අෂියට්සු ක්‍රමය සේවාදායකයාව සම්බාහන මේසයක් මත හෝ ඇඳක් මත හිඳුවා සිදු කරයි. තවත් වෙනසක් නම් මේ සැසිවාරයට චිකිත්සක තෙල්, ක්‍රීම් හෝ දියර යොදා ගැනීමයි.වඩාත් තද පීඩන සම්භාහනයකට කැමති, පිටුපස, උකුල් වේදනාව, උරහිස් වේදනාව හෝ කොන්දේ ඇදය වැනි නිදන්ගත තත්වයන් ඇති පුද්ගලයින්ටත් මෙය බොහෝ වැදගත් වෙයි. ධාවකයන්, පාපැදි කරුවන් වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද, එදිනෙදා බොහෝ වෙහෙස මහන්සි වන්නන්ටද තම ශාරීරික චලනය වැඩි කිරීම, වේගවත් සුවයට සහ දිගුකාලීන ප්‍රතිඵල අපේක්ෂා කරන සියලුම අයටත් මෙය අතිශයින්ම ප්‍රයෝජනවත් වේ. මෙය අප 'සුවහස්ත' ආයතනය මගින් හඳුන්වාදෙන මූලික සම්බාහනයක් වන අතර අපගේ සියලුම චිකිත්සකයින් අෂියට්සු බෙයාෆුට් සම්බාහනය සඳහා ඉහළ පුහුණුවක් හා සුදුසුකම් ලබා ඇත.
අෂියට්සු සම්බාහනයේ ප්රතිලාභ මොනවාද?
සම්බාහනය මනසට ශරීරයට හා ආත්මයට සමබරතාවයක් ගෙන ඒමට ඉවහල්වන බව ප්‍රසිද්ධයි. එය මිනිස් නිරෝගීතාවයට ප්‍රබල මෙවලමකි. අෂියට්සු සම්බාහනය සිරුරට වැඩි පීඩනයක් එක් කරනවා පමණක් නොව එයට සම්පීඩනයද එක් කරයි. සම්පීඩන සම්බාහනය මුළු සිරුරම ඉහළින් සහ ඇතුලතින් වෙලා ගනී. එය අභ්‍යන්තර අවයව වලට ද බලපායි. එය ශරීරය යථා තත්වයට පත් කරන මෘදු ව්‍යුහාත්මක අනුකලනයකි. අස්ථි ගැලපීම් බොහෝ විට සැසියකදී සිදු වේ. සංකෝචනය වූ මාංශ පේශි ලිහිල් කිරීමට හා දිගු කිරීමට හැකියාවද එයට ඇත. මෙම අද්විතීය ක්‍රමවේදය මගින් සිරුරට විශ්මිත ලෙසින් විශාල සුවතාවයක් ලැබේ.
අෂියට්සු සම්බාහනය යනු මාංශ පේශි දිග් ගැස්සීමට උපකාරී වන ගැඹුරු පටක තාක්ෂණයකි. චිකිත්සකයාගේ පාදය අතෙහි පළලට වඩා පුළුල් බැවින් හා මාංශ පේශි ඉලක්ක කර ගැනීම සඳහා ඔවුන්ගේ බර හා පීඩනය භාවිතා කරන බැවින්, ඉන් නොනැසී පවතින වේදනාවන් අවමකර පුළුල් තෙරපීම් ලබා දෙයි.
මීට අමතරව ගැඹුරු පටක තාක්ෂණය මගින් රුධිර සංසරණය වැඩි දියුණු කළ හැකි අතර මානසික ආතතිය සහ මාංශ පේශි කැක්කුම අවම විය හැක. අෂියට්සු සම්බාහනයෙන් ප්‍රයෝජන ලබන ශරීරයේ තවත් අංශයක් වන්නේ තුනටියය. පාදයේ පීඩනය විවෘත වී කොඳු ඇට පෙළ දික් වූ විට තුනටියට අයත් ප්‍රදේශය දිගේ ස්නායු වලට වැඩි ඉඩක් ලබා ගත හැකිය. මෙසේ අෂියට්සු සම්බාහනය මගින් සේවාදායකයාගේ ශරීරයට නිදහස් චලිතයක් සහ වඩා සැහැල්ලු මාංශ පේශි සහිත ඉරියව්වක් ලබා ගත හැකිය. මෙතුලින් නිදන්ගත වේදනාව අඩු කරයි. නම්‍යශීලීභාවය වැඩි දියුණු කරයි. ආතතිය අඩු කරයි.
අෂියට්සු සම්බාහනය නුසුදුසු කාටද?
මෙම පාද තාක්ෂණය සමඟ කෙරෙන සම්බාහනයෙන් ශරීරයට යොදන අමතර බර හා පීඩනය හේතුවෙන් ඇතැම් රෝගී තත්වයන් ඇති අය අෂියට්සු සම්බාහනය කිරීමට උත්සාහ නොකළ යුතුය. ගර්භණී හෝ දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන් මෙම සම්භාහන ප්‍රතිකාරයෙන් වැළකී සිටිය යුතුය. මීට අමතරව, අධි රුධිර පීඩනය ඇති අය, උත්සන්නවූ දියවැඩියාව ඇති අය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දැඩි දුර්වලතා ඇති අය, උග්‍ර වකුගඩු හා අක්මා රෝගී තත්වයන් ඇති පුද්ගලයින් හා මෑතකදී ශල්‍යකර්ම බද්ධ කිරීමේ සැත්කම් කර ඇති අය වැන්නවුන් මෙම අෂියත්සු සම්බාහනය කිරීමට උත්සාහ නොකළ යුතුය. ඔබට මෙම තත්වයන් තිබේ නම්, ප්‍රතිකාර ලබා ගැනීමට පෙර චිකිත්සකයාට ඒ බව පවසා සැහැල්ලු සම්බාහනයක් ලබාගත යුතුය.
අපගේ අෂියට්සු සම්බාහන චිකිත්සකයින් ශිල්පීය ක්‍රම, සහ ව්‍යුහ විද්‍යාව පිළිබඳ නිසි පුහුණුවක් ලබා ඇති අය බැවින් ඕනෑම කෙනෙකුට, වයසකට හෝ ප්‍රමාණයකට ගැලපෙන අයුරින් ඔවුන්ගේ පාද ආරක්ෂාකාරීව භාවිතා කරමින් සම්බාහනය කරනු ලබයි. සේවාදායකයාගේ අවශ්‍යතා මත පදනම්ව, තෙරපීම් කටයුතු සිදු කරනු ලබයි. පිටුපස, ඉණ සහ කකුල් අපගේ පාද වලින් පුළුල් හා ගැඹුරු තෙරපීම් වලට ලක් කෙරේ. ඔබගේ කැමැත්තට අනුව අවශ්‍යනම් ඔබේ මුහුණ, බෙල්ලේ ඉදිරිපස සහ උදරය වැනි ශරීරයේ වඩාත් සියුම් කොටස් අපේ පාදවලින් සම්බාහනය නොකිරීමට ඉල්ලා සිටි හැකි අතර ඒ සඳහා අපගේ දෑත් තුලින් තෙරපීම ලබා ගත හැකිය.
අෂියට්සු බෙයාෆුට් සම්බාහන ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේද?
දැනට අප අෂියට්සු බෙයාෆුට් ට්‍රීට්මන්ට් සිදු කරන්නේ අංගොඩ සුවහස්ත ආයතනයේදී පමණක්ය. සුවහස්ත ආයතනය ස්පා එකක් නොවන අතර මෙය මනෝවිද්‍යා උපදේශන හා අනෙකුත් මනෝකායික රෝගී තත්වයන්ට වැදගත් ලෙසින් ප්‍රතිකාර විධි පවත්වනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකි.
අෂියට්සු බෙයාෆුට් සම්බාහන ප්‍රතිකාර හා අනෙකුත් කායික/මනෝකායික සියලු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන සියලු දෙනාම සුවහස්ත ආයතනයේ අදාල වෛද්‍යවරයෙකු හමුවට යොමුවී තම කායික පරීක්ෂාවන් මූලිකව සිදුකරගත යුතුය. මෙහි සියලු කටයුතු වෛද්‍ය අධීක්ෂණය යටතේ විධිමත්ව සිදු කෙරෙනු ලබන අතර, පුහුණුවලත් චිකිතසකවරියන් හා චිකිතසකවරුන් මගින් ට්‍රීට්මන්ට් සිදු කරනු ඇත.
දැනට පවතින කොවිඩ් වාතාවරනය යටතේ ප්‍රතිකාර සිදු කරන්නේ නිරෝධායන නීතිරීති වලට අනුකූලව සීමිත පිරිසකට පමණි. පැමිණීමට කලින් ඒ බව දන්වා වෙලාවක් වෙන්කර ගත යුතුය. දැනුම් දීමකින් තොරව පැමිනෙන කිසිවෙක් මීට සම්බන්ධ කර ගන්නේ නැත.
පහත දුරකතන අංකයකට ඇමතුමක් ලබාදී වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව ඔබට මෙම සැසියට සහභාගිවිය හැකිය.
0753243310 - 0753110813
(මෙහි සියලු විස්තර හොඳින් කියවා නොබලා කිසිවෙක් දුරකථන ඇමතුම් දෙන්නට එපා. කාර්‍ය් බහුල වේලාවන්හිදී ඇමතුම් ගන්නට නොහැකිවන අතර එවිට නැවත ටික වේලාවකින් අමතන්න)
ආයතනයට පැමිණිය යුත්තේ පිරිසිදුව වැදගත් අයෙකු ලෙස ඇඳ පැලඳ ගෙන වියයුතු අතර, මත්ද්‍රව්‍ය භාවිතා කර නොවැදගත් ලෙසින් පැමිනෙනෙ අය සඳහා මෙහි ප්‍රතිකාර නොකෙරේ. මීට සහභාගී විය හැක්කේ නීරෝගී පිරිසිදු අයට පමණයි.
පැමිනෙන අයගේ ගරුත්වය උපරිම අයුරින් සුරැකෙන අයුරින් මෙම සැසිය සිදු කෙරේ. මෙය අප විසින් මානුෂීය මට්ටමෙන් උසස් ලෙසින් සිදුකරනු ලබන වටිනා සේවාවක් වන අතර, මෙහිදී ඔබගේ පුද්ගලිකත්වයට හානි පමුණුවන වීඩියෝ කිරීම් ආදී පහත් ක්‍රියා කොහෙත්ම අප නොකරනු ඇත.
එසේම මෙහිදී ලංකාවේ පවතින නීතියට පටහැණි, නීති විරෝධී ලිංගික ක්‍රියාවන් කිසිවක් කුමන අයුරකින් හෝ සිදු නොකරන බවත්, චිකිත්සක වරියන්ට ඒ සඳහා බලපැම් නොකල යුතු බවත් කාරුණිකව සලකන්න. වෙනත් අරමුණු මුදුන් පමුණුවාලීමේ අරමුණින් මෙහි පැමිණීමෙන් වලකින්න.
දිගු කාලයක් පටන් ඉතා සාධාරණීය අන්දමින් හා ප්‍රසංශනීය අයුරින් අප සුවහස්ත ආයතනය විසින් මෙම සේවාවන් කරගෙන යන අතර, අපව අනුකරණය කරමින් අයුතු ප්‍රයෝජන ගන්නන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙසද ඔබට දන්වමු. පැමිණීමට කලින්, බැංකුවට හෝ ඊෂිකෑෂ් මගින් මුදල් ගෙවීමට අවශ්‍ය නැත. (අපව අනුකරණය කරන වංචනික අයගෙන් ප්‍රවේශම් වන්න.)
ට්‍රීට්මන්ට් ලබා ගැනීම සඳහා විනාඩි 30ක කාලයක් සඳහා රු.3000/-ක මුදලක් අය කෙරේ. පැයක කාලයක් සඳහා රු.5000/-ක මුදලක් අය කෙරේ. (ස්ථානයට හෝ චිකිත්සකවරියන්ට වෙනත් කිසිඳු අමතර මුදලක් දීමට අවශ්‍ය නැත.)
තමන් වෙන්කර ගත් වේලාවටම පැමිණිය යුතු අතර, කිසියම් හේතුවක් නිසා හෝ තමන්ට නොපැමිණිය හැකි වන්නේ නම් ඒ බව අපට වහාම දැනුම් දිය යුතුය. (එසේ නොකර බොරු කරන අයව නැවත කිසිම දිනකදී සම්බන්ධ කර නොගනු ලැබේ.)
ඔබේ කායික හා මානසික නීරෝගීතාවය අපේ පැතුමයි..
සුවහස්ත රෝහල් පුද්ගලික සමාගම - අවිස්සාවේල්ල පාර, මුල්ලේරියාව-නවනගරය -
kohomada joing wenne
ReplyDeleteරහස් මානසික ආශාවන්ගෙන් ආතතියට පත් ව තම අවශ්‍යතා සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හෝ එය මනා ව වටහා ගැනීමට තරම් කාරුණික අයවලුන් නැති අවස්ථාවක මෙවැනි ආයතනයක බිහිවීම අතිශය කාලෝචිත හා ප්‍රශංසා කටයුතු වේ..
ReplyDelete